රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Wednesday, May 29, 2013

කළණමිතුරෙකුගේ පූර්ණ ධන පරිත්‍යාගය මත ඝණ්ඨාර පූජාවක් සිදු කලෙමි.

ඒ පන්සලටම තවත් ලොකු අවශ්‍යතාවයක් තිබුන. ඒ තමයි හරි හමන් ගණ්ඨාරයක් නොතිබීම. ඉතාම කුඩා ගණ්ඨාරයක් තිබීම නිසා හරි හමන් ශබ්දයක් පිට වුනේ නෑ. ඉතින් ඒ පන්සලේ අවශ්‍යතාවය මට දැන්වුව. ඒ අනුව මම ඩුබායි වල සේවය කරන පින්වත් සොහොයුරෙකුට මේ පිලිබදව සැල කලා. එහි ප්‍රතිඵලයක් වශයෙන් රැපියල් 50,000ක් වටිනා ගණ්ඨාරයක් ඒ විහාරස්ථානයට පූජා කරන්න හැකි උනා. ඒ ගණ්ඨාරයේ ඡායාරූප තමයි මෙහි දක්වල තියෙන්නෙ.
ඒ පරිත්‍යාගය සිදුකල පින්වත් සහෝදරයාගේ නම මම මෙහි සදහන් කරන්නෙ නෑ. මොකද ඒයාගේ පුද්ගලිකත්වයට ඒක ගැටලුවක් වෙන්න පුලුවන් නිසා. ඒ ‍නමුත් ඒ පින්වත් සහෝදරයාගේ දහදිය මහන්සියෙන් සෙවූ මුදලින් සිදුකල මේ මහා පින්කම හරිම උදාර පින්කමක්.
දයාබර සොහොයුර, ඔබ නිවන් දක්නා ජාති දක්වාම උපදින හැම භවයකම මේ පින්කමේ මහා කුසල ශක්තිය ඔබට අප්‍රමාණව පිහිට වනු ඇත. උපදින හැම භවයකම ඉතා මිහිරි ස්වරයක් ලැබීමට, මහනෙල් මල් සුවද විහිදුවන කටහඩක් ලැබීමට, ජව සම්පන්න මෙන්ම නිරෝගී සිරුරක් ලැබීමට, යනෙන සෑම තැනකම මෙන්ම සභාවේදී ප්‍රධානත්වය ලැබීම, සිය වචනයට සියලු දෙනා අවනතවන්නන්, සවන්දෙන්නන් බවට පතිවීම මෙන්ම මතු නිවනින් සැනහීමටත් මේ පින්කම උපකාර වේවි.
පින්වත් යහලුවනේ ඔබටත් යම් අයුරකින් මේ විහාරස්ථානය ගොඩනැගීමට දායක වීමට පලුවන්නම් අපට ඔබගේ සහයෝගය අවශ්‍යයි. මල් පැන් දෝවනය කැරන කුඩා වතුරමලක් ඉදිකිරීමට මේ වන විට සැලසුම් සිදුකර ඇති අතර ඒ සදහා ඔබට ආදාර ලබාදිය හැකිනම් එය මහගු පින්කමක් වනු ඇත. ඒ සදහා විහාරස්ථානය වෙත පැමින සිදුකල පින්කම් දෑසින් බලා ඒ කටයුත්තට ඔබට දායක විය හැකිය. ඒ සදහා කෙරෙන ගෞරවනීය ආරාධනයයි මේ.

මම ශාසනාලයෙන් එරන්ද ලක්මාල්ද සිල්වා

.ස්වාමීන්වහන්සේගේ ඉල්ලීමේ ලිපිය

ඝණ්ඨාරය සවිකරමින්


ඝණ්ඨාරය සවි කරමින්


සවිකල අවස්ථාව


 සමීප ඡාරාරූපයක්

ආරක්ෂාව තහවුරු කරමින්


මහ පින්කමක අවසානය


ස්වාමීන් වහන්සේගේ ස්තුතිය


බිල් පත
 

No comments:

Post a Comment