රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Friday, August 2, 2013

ඉපැරණි චෛත්‍යරාජයන් වහන්සේ නමක් ප්‍රතිසංස්කරණයට මුහුණුපොතේ කළණ මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් රු. 148, 610/- ක මුදලක් ගෞතම බුදුසසුනට පූජාකල වගයි.

 
                        පිනවත් යහලුවනේ අපි මේකාලය තුල දිගටම පින්කම් කලා ඔබට මතක ඇති. මගේ ‍බොහෝ යහලුවන්ටනම් මේ පින්කම් හොදට හුරුයි. නොදන්න කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ ලින්ක් එකෙන් බලන්නකො මුහුණුපොතේ අපි කරපු පින්කම් කොච්චරද කියල.


හොදයි අදත් ඔබට කියන්න යන්නේ ඒ වගේම පූජාවක් පිලිබදවයි. ඔබට මතක ඇති අපි චෛත්‍යරාජයන් වහන්සේ නමක් ප්‍රතිසංස්කරණය කරන්න මුදල් ඉල්ලා හිටිය. මෙන්න මේ ලින්ක් එකෙන් පෙනෙන්නෙ ඒ පින්කමට ආධාර ඉල්ලල මම දැම්ම පොස්ට් එක.



මේ විහාරසථානය පිහිටලා තියෙන්නෙ පොල්ගහවෙල පනලිය ප්‍රදේශයේ. විහාරස්ථානයේ නම රන්සිරි විජයාරාමය.

මේ ප්‍රදේශයේ පන්සල් දෙකක් තියෙනව. ඉතින් මේ රන්සිරි විජයාරාමයට අයිති ගොදුරු ගම්මානය ඉතා කුඩා කොටසක්. අනිත් එක මේ ප්‍රදේශයේ ඉන්නෙ සාමාන්‍ය ජනතාව. ඔය කුලියක් මලියක් හරි කරල කීයක් හරි හොයන් ජීවත් වෙන අයයි වැඩිපුර ඉන්නෙ. ඉතින් මේ චෛත්‍යරාජයාණන් වහන්සේ වෙනුවෙන් මුදල් වියදම් කරන්න ඒ අයට ලොකු හයියක් නෑ. අනිත් කාරණේ කාලෙකට කලින් බෝධීන් වහන්සේ  වටා අටවිසි බුදුවරු වැඩඉන්න කුටි 28 හැදුව. ඉතින් නැවත වරක් මුදල් වියදම් කරන එක ලොකු ප්‍රශ්නයක් උනා. මම කිහිප වතාවක්ම මේ චෛත්‍යරාජයන් වහන්සේගේ හුණු ආලේපණය කිරීම සිදු කලා.  මේ චෛත්‍යරාජයන් වහන්සේගේ  ගර්භය පුපුරල තියෙන්නෙ. ඔයාලට පින්තූරෙ පේනව ඇති ඒ පිපිරුන ලකුණු. සිමෙන්ති තට්ටුව දිරල ගිහින්. වැහි වතුර නිතර ඇතුලට කාන්දු වෙනව ඇති. තව කාලයක් ගියානම් චෛත්‍යරාජයන් වහන්සේට බරපතල හානි වෙන්න ඉඩ තිබුණ. ඉතින් අන්න ඒ නිසයි මේ චෙචත්‍යයේ ප්‍රතිසංස්කරනයට ඔබෙන් ආධාර පැතුවෙ. ‍ ස්වාමීන් වහන්සේ කිව්වෙ අඩු තරමින් රුපියල් ලක්ෂයක් වත් ලැබුනොත් ඉතිරි ටික කොහොම හරි හොයාගන්නම් කියලයි.

මගෙ පින්වත් යහලු යෙහෙලියො අපමණ ප්‍රමාණයක් ඒ පින්කම් වලට දායක උනා. අන්න ඒ පින්වත් යහලු යෙහෙලියන්ගෙ අප්‍රමාන ශ්‍රද්ධාවෙන් පරිත්‍යාග කරපු මුදල් නිසා අපි බලාපොරොත්තු උනාටත් වඩා විශාල මුදලක් මේ වෙනුවෙන් ලැබුන. රුපියල් ලක්ෂය වෙනුවට 148 610/- ක මුදලක් ඒ වෙනුවෙන් අපිට රැස් උනා. ඔබ එවූ සියලු මුදල් සතයක් නෑර චෛත්‍යරාජයන් වහන්සේ වෙනුවෙන් පූජා කලා.
මම ඒ මුදල් දුන්න අයගේ නම් පල කරන්නෙ නෑ. මොකද පොදුවේ ගොඩදෙනෙක් පින්කම් කරල නම් ප්‍රසිද්ධ කරගන්න අකමැතියි. නමුත් මම ඒ ඒ අයගෙ නමේ පුංචි කොටසක් පමණක් සදහන් කරන්නම්. මොක ඔබ එවූ මුදල් සියල්ලම චෛත්‍යරාජයන් වහන්සේ වෙත පූජ කලාද කියල ඔබට ඒක සැක හැර දැනගන්න පුලුවන් වෙයි.

01. රූපසිංහ මෙනෙවිය              -           රු. 31 000/-
02. පෙරේරා මිය                      -           රු. 31 510/-
03. ජයනාත් මහතා                   -           රු. 31 000/-
04. හේරත් මෙනෙවිය              -           රු. 25 000/-
05. පද්මිනී මිය                         -           රු.   9878/-
06. සම්පත් මහතා                    -           රු.  5 000/-
07. දර්ශන මහතා                      -           රු.  5 000/-
08 සැලසුම් අධ්‍යක්ෂ තුමිය        -          රු.  5000/-
     ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
     පොල්ගහවෙල                    
09. චිරන්ත මහතා                    -           රු.  2 000/-
10. ආරියරත්න මහතා              -           රු.  1500/-
11. වෙනත්                               -           රු.  1022/-
                                                            ………….
                                                         රු.148 610/-

ඉතින් පින්වත් යහලුවනේ චෛත්‍යරාජයන් වහන්සේ නමක් ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය කිරීම ‍ප්‍රමාණය කල නොහැකි කුසල කර්මයක්. මෙපමණයි කියල කියන්න බැහැ එහි ආනිසංශය. වැලිවලින් කුඩා චෛත්‍යයක් හදල දොඹමල් පූජ කරල අප්‍රමාන දිව්‍ය සම්පත් ලද කථාව ඔබ අහල ඇති.

සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන් වහන්සේගේ චෛත්‍යට එක් රැයක් එක් පහනක් පුදා පහත සදහන් ආනිසංශ ලැබූ බව ථේරී අපදානයේ දැක්වේ,

1.හැම තැනම ප්‍රදීප දැල්වේ.
2.දිවැස් ලැබේ,(දිව්‍යමය ඇස්)
3.තීක්ෂණ නුවණ ලැබේ.
4.යසසින් දිලිසෙත්
5.ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටත්
6.උසස් කුල සම්පත් ඇත්තෙකු වේ.

එසේම මේ ලංකා ද්වීපය පාලනය කල එක්තරා සත්පුරුෂ රජ කෙනෙක් හිටිය ඉස්සර.එතුමා තමයි භාතිකාභය රජතුමා.දුටු ගැමුණු මහා රජතුමාගේ මුනුපුරෙක් වන රජ කෙනෙක් තමයි මෙතුමා.දවසක් එක්තරා ශ්‍රාස්ත්‍රයක් දන්නා මනුෂ්‍යයෙක් මේ රජතුමාට මාරක අපලයක් තිබෙන බව දැන ගෙන එය රජතුමාට සැල කර සිටිනවා.වර්තමානයේ කේන්දර බැලීම ආදී දේ මිත්‍යාවක් යයි කට්ටිය ප්‍රතික්ෂේප කලත් එම ශ්‍රස්ත්ර්ය හරියට ඉගෙන මිනිසුන්ගේ ජිවිත සුරැකීමට නිසි අයුරින් භාවිතා කරනවා නම් එය ගොඩක් වටිනා දෙයක්.ඉතින් අර මනුෂ්‍යය අරවිදියට රජතුමාට කිව්වහම මේ රජතුමා එකල වැඩසිටිය රහතන් වහන්සේලා සම්මුඛ වෙලා උන්වහන්සේලාගෙන් අහනව ඒ අපලයෙන් මිදීමට පිලියමක්.මාරක අපලයක් පැමිණ අකාලයේ මියයාමට හේතුව කලින් භවයන් වල සිදු කල ප්‍රාණ ඝාත අකුසල කර්මය බවත් ඉන් මිදීමට නම් කලයුතු හොඳම දෙය නම් රටේ තිබෙන දිරාගිය අබලන්වී ගිය වෙහෙර විහාර චෛත්‍ය ආදී තුණුරුවනට අයත් දේ මුදල් ශ්‍රමය යොදවා පිළිසකර කර ඒවා ප්‍රතිසංස්කරණය කරදීමෙන් බවත් රහතන් වහන්සේලා රජතුමාට දන්වා සිටිනවා.එමගින් වෙහෙර විහාර පිළිසකර වනවා වගේම තමන්ගේ බොහෝ අකුසල කර්ම යටපත් වෙලා ආයුෂ ආදිය පිරිහී තිබෙනවා නම් විහාර පිළිසකර කලාවගේම තමන්ගේ ආයුෂත් පිලිසකරවෙලා මාරක අපල ආදිය දුරු වෙලා ආයුෂ වැඩි වෙනවා. මෙය දැනගත් රජතුමා එවකට ලංකා ද්වීපයේ තිබුණ සියලුම වෙහෙර විහාර ආදිය හොඳින් පිළිසකර කරනවා.අර මනුෂ්‍යයා සඳහන් කල මාරක අපල කාලය ගෙවිගියත් රජතුමාට කිසිඳු අන්තරාවක් නොවී රජතුමාගේ ජීවිතය බේරෙනවා. (Kavindu Abeysinghe ගේ කමෙන්ටුවක් ඇසුරිනි..)

මේ සියල්ල චෛත්‍යයන් සම්බන්ද ආනිසංශයි.

ඉතින් මේ පින්කමට සම්බන්ධ වූ සියලු දෙනාටත් ඔබේ බිරිද හෝ ස්වාමි පුරුෂයාටත් දරු මුනුබුරන්ටත් දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවයම ලැබේවා. මේ අප්‍රමාණ පූජාවේ ආනුභාවයෙන් ඒ දෙමාපියන්ට ස්වභාවිකව ඇතිවන පංචස්කන්ධ‍යේ දුර්වලකම් පවා අවම මට්ටමකට පත්වේවා. ඇස් පෙනීම අඩුවීමෙන් කණ් ඇසීම අඩුවීමෙන් ඇතිවන පීඩාවන් පවා අවම වේවා. ඒ පින්වත් දෙමාපියන් මියගොස් ඇත්නම් ඔවුන් දුක්ඛිත ස්ථානවල සිටීම සුවදායී ස්ථානයන්ට පැමිණේවා, සුවදායි ස්ථාන වල සිටීනම් තව තවත් ඒ සැප සම්පත් වර්ධනය වේවා.

මෙපින් බලෙන් ඔබ සියලු දෙනාගේම ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥාව යන සියලු කාරණාවෝ වර්ධනය වේවා. ඔබට ඇති දුක් හිරිහැර බාධා සියල්ල දුරුවේවා. සසරේ සිදුකල ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන්න පුලුවන් තරම් පින් ඇති මේ කුසලයෙන් ඔබේ සියලු නරක කර්ම විපාක යටපත් වේවා.  සැගවී ඇති පුණ්‍යස්කන්ධයෝ මතුවේවා. හොද නරක හොදින් හදුනාගෙන හොද මගේ යාමට ඔබට වාසනාව ලැබේවා. සම්බුද්ධ ධර්මය හොදින් හදුනාගෙන අවබේධ කරගෙන ඒ මහගේ ගමන් කිරීමටත් කෙළවර පතන බෝධියෙන් අමා මහ නිවනින් සැනසීමටත් ඔබට මේ පින්කම් හේතුවාසනා වේවා.

පින්වත් යාලුවනේ මේ පිලිබද වැඩි විස්තර මෙන්න මේ බ්ලොග් අඩවියෙන් බලන්න පුලුවන්.

ස්වාමීන් වහන්සේ වහන්සේ විසින් මුදල් ලද බවට දුන් ලිපිය සමග සියලු ඡායාරූප මෙම බ්ලොග් අඩවියෙන් දක්වා තියෙනව. ඒ සියල්ල බලන්නට ඔබට ආරාධනා කරනව.

අනන්ත බුදුගුණ බලෙන් තුන්ලොවම සැනසේවා ... ... ...

මම සත්වයාගේ හිතසුව කැමති එරන්ද ලක්මාල්ද සිල්වා.

දායක සභා සභාපති තුමා ඇතුලු නිලධාරීන් ඉදිරිපිටදී ස්වාමීන් වහන්සෙට මුදල් පිරිනැමූ  අයුරු


ප්‍රතිසංස්කරණයට ඇති චෛත්‍යරාජයන් වහන්සේ



ස්වාමීන් වහන්සේ ලබාදුන් ලිපිය. මෙහි පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුමහ් අධ්‍යක්ෂ තුමිය ලබාදුන් මුදල සටහන් නොවන්නේ එය මුදල් පරිත්‍යාගයෙන් පසුව විහාරස්ථානයට ලැබුනු බැවිනි.


චෛත්‍යරාජයන් වහන්සේ පුනර්ජීවය ලබමින් ... ...
( 2013/08/30 දිනට)

















2013/11/10 දින චෛත්‍යරාජයන් වහන්සේ ගෞතම බුදුසසුනට පූජාකල වගයි...















පින්කම සම්බන්ධ සියලු කටයුතු අදින් අවසන් වේ. වචනයෙන් පවා දායක වූ, මුහුණු පොතේ ශෙයා කර, ලයික් කර, කොමෙන්ට් කර සහය දැන් වූ සියලු දෙනාට මේ පින් ලැබේවා. චෛත්‍යරාජයන් වහන්සේ සතු අනන්ත ගුණ බෙලෙන් මේ සියලු පින් බෙලෙන් සැමට යහපත උදාවේවා...


.

No comments:

Post a Comment