රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Monday, June 23, 2014

ආර්ථික දුෂ්කරතා ඇති දූ දරුවන් දොළොස් දෙනෙකුට පාසැල් නිල ඇදුම්, පාවහන් හා පාසැල් උපකරණ ගලිගමුවේ ඥානදීප හිමියන් අතින් පරිත්‍යාග කල වගයි ...




පින්වත් යහලුවනේ අපි පහුගිය කාලෙ පින්කම් රාශියක් සිදුකලා. පිලිබද විස්තර මෙතනින් බලන්න පුලුවන්.

බුදුදහම ප්රචාරය කිරීම පිණිස අපි සංවිධානයක් පිහිටුවා ගත්ත. සංවිධානෙ නම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යන්තර පදනම. එහි නිළ පිටුව මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.

මේ පින්කම වෙනුවෙන් මුදල් ලබා දුන් අය මෙසේයි.

අජිත් මහතා ( ඔහු සම්පූර්ණ නම දානවට අකමැතියි) - රු.12986.00
සුමිත් මහතා ( ඔහු සම්පූර්ණ නම දානවට අකමැතියි) - රු.11739.00
නිම්මි නදී අක්කා                                - රු.11800.00
ජනක සම්පත් මහතා                             - රු. 5000.00
මදුෂ රණතුංග මහතා                            - රු. 7500.00
අප විසින් යෙදූ මුදල                             - රු 975.00
                                              _____________    
මුලු මුදල                                       - රු.50,000/-     

මුදල් වියදම් වූ අයුරු.
නිල ඇදුම් සදහා               රු. 5850/-
ඩී.එස්.අයි සපත්තු සදහා       රු. 12540/-
මේස් සදහා                   රු.  1560/-
පොත් පත් හා ලිපි ද්‍රව්‍ය        රු. 12500/-
                          ______________
එකතුව                      රු. 32450/-

මෙහි ඉතිරි මුදල වන රු. 17,550/- ආර්ථික අපහසුකම් ඇති විහාරස්ථානයකට විදුලි උපකරණ පරිත්‍යාග කරන්න යොමු කලා. ඒ විස්තර හෙට පෝස්ට් එකෙන් දාන්නම්.


ඉතින්  උදව් කල ඔබ සියලු දෙනාටම මේ පින්කමේ අප්‍රමාන ආනිසංශ බලයෙන් යහපතම උදාවේවා...
ඔබ වන් දූ පුතුන් සැදු පින්වත් දෙමාපියන්ට දීර්ගායුෂ වේවා. ඔවුන් මියගොස් ඇත්නම් ඒ ඇත්තන්ට මේ පි්කමේ බලෙන් අනන්තවත් දිව්‍ය සලු, දිව්‍ය ආභරණ, දිව්‍ය ආහාර ලැබේවා ...
‍ඔබටත් නිවන් දක්නා ජාති දක්වාම මූලක අවශයතාවයන් වලවත් අඩුපාඩු නොවේවා ... සියලු සැප සම්පත් පහල වේවා ... ඔබේද   දූ දරුවන්ගේද සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ... සියලු විභාග කඩඉම් ජයගන්නට මේ කුසලය හේතු වාසනා වේවා ...
බුදුන් වදාල මගයමින් අප්‍රමාන පින්කම් කරන ඔබ සියලු දෙනාට පතන බෝධියෙන් නිර්වාණ සුවයම ලැබේවා ...

බෞද්ධ සන්නිව්චනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන්  එරන්ද ලක්මාල් වන මා විසින් ගෞතම බුදු සසුන තුල මේ පින්කම සිදුකල වගයි ...
පාවහන්

මේස්



පාසැල් උපකරණ


නිල ඇදුම්


මෙහි ඇති නිල ඇදුම් සදහා වියදම වූ රු.  5850/- න් රු. 4085/-ක් අඩුවී රු 1765/- ක කලිසම් රෙදි සදහා බිල මා අතින් අස්ථාන  ගතවූ අතර නවබිලක් එම වෙලද සැලෙන් ලබාගෙන දින දෙකක් තුල ඉදිරිපත් කරමි.
.

No comments:

Post a Comment